( පාලිත ආරියවංශ)
බදුල්ල දිස්ත්‍රික්කයේ මහා වාරිමාර්ග ව්‍යාපාරයක් වන කන්දකැටිය- බත්මැඩිල්ල වාරි ව්‍යාපෘතියට දියවර සපයන බත්මැඩිල්ල සැපයුම් ඇලේ පැති බැම්ම් නාය යාමට ලක්වීමෙන් බත්මැඩිල්ල ව්‍යාපාරයට ජල සැපයුම මුළුමනින්ම නතරවී ඇතැයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
හෙක්ටර්යර 1400 කින් සමන්විත බත්මැඩිල්ල ව්‍යාපාරය සදහා දියවර සපයන්නේ බත්මැඩිල්ල ඇල ඔස්සේය.
පවතින තත්වය 2024- 2025 මහ කන්නය පවත්වාගෙන යාම ගැටළුවක් වී ඇතිබවත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව සහ අදාල පාර්ශවයන් එක්ව කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන මහ කන්නය සදහා අවශ්‍ය ජලය ලබාදිමට අවශ්‍ය පියවර ගන්නා බවත් දිස්ත්‍රික් ලේකම් අබේවර්ධන මහතා පැවසීය.
පවතින තත්වය නිසා මහ කන්නය දින කීපයක් පමා වියහැකිබවද සඳහන්කළේය.
ජාතික ගොනැගිල් පර්යේෂණ සංවිධානයේ නිළධාරිගේ ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් පසු බැති බැම්ම යථා තත්වයට පත්කිරීමට කටයුතු කරන බවද පැවසීය.