(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවට පැනවූ බදු ලිහිල් කර ගැනීම සඳහා ඇමරිකානු පරිපාලනය සමග හැකි ඉක්මනින් සාකච්ඡා කිරීමට සූදානම් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි
සාධාරණ ආකාරයකින් වෙළඳ ශේෂය කළමනාකරණය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට අමෙරිකානු පරිපාලනය සමඟ හැකි ඉක්මනින් සම්බන්ධ වීමට රජය සූදානම් බවද එහි දැක්වේ.
ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන භාණ්ඩ සඳහා සියයට 44 ක බද්දක් පැනවීමට ඇමරිකානු රජය තීරණය කර ඇත.
මෙම තීරණයෙන් මෙරට ඇගලුම් කර්මාන්තය ඇතුළු ශ්‍රේෂ්ඨ ගණනාවක් දැඩි අර්බුදයකට ලක්වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.