බදුල්ල සියයට 73 යි


(ප්‍රසාද් රුක්මල් ) 

ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ 73%ක් අද (21) ජන්ද ප්‍රකාශ කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .

මෙවර බදුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින් 705772 ක් ජන්ද ප්‍රකාශ කිරිමට සුදුසු කම් ලබා සිටි බවත් , දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 530 කදී ජන්ද ප්‍රකාශ කිරිම සිදු විනැයි හෙතෙම කීය .

බදුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ජන්ද ගණන් කිරීම මේ වනවිටත් බදුල්ල විශාඛා උසස් බාලිකා විදුහලේ මධ්‍යස්ථාන 29 දි සිදු කෙරෙන බවද දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි වරයා පැවසීය .

මෙවර ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද විමසීම ඉතා සාමකාමී ලෙස සිදු වූ බවත් , මේවනතෙක් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවිනැයි බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේය .