(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ )
බදුල්ල තල්දෙන බදුලු ඔයේ සහ මහියංගන මාර්ගයේ බෝක්කුවක් යට අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන පුද්ගලයන් දෙදෙනකු ගේ මළසිරුරු දෙකක් අද (13) පස්වරුවේ සොයා ගත් බව බදුල්ල පොලිසිය පවසයි .
මෙම මළසිරුරු දෙක සොයා ගන්නා විට බෙහෙවින්ම නරක්වි දුගඳ හමමින් තිබූ බවත් පොලිසිය කීය .
තල්දෙන බෝලියද්ද මල්වත්ත ප්‍රදේශයේ බදුලුඔයේ දෙල්ගහයට වැලි තොටුපොළේ වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයකු බදුලු ඔයේ ගසාගෙන ආ විශාල දැව කොටයක සිරවී මුනින් අතට හැරී තිබු මෙම මළසිරුරු ප්‍රථමයෙන් දැක ඇති බවත් එම මළසිරුර සොයා ගන්නා විට නිර්වස්ත්‍රව, නරක් වී පනුවන් ගසා දුගඳ හමමින් තිබිනැයි පොලිසිය පැවසීය .
එම මළසිරුරු හදුනාගැනීමට නොහැකි පරදි විනාශ වී ඇත.