බන්දුල වැඩ බාරගනී


(ළහිරු හර්ෂණ)
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය හා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතා අද (25) කොල්ලුපිටියේ පිහිටි තොරතුරු සන්නිවේදන  හා තාක්ෂණ අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය.

එම අවස්ථාවට එම අමාත්‍යාංශයේ ලේකම් චන්දන රොද්‍රිගෝ, පවුලේ ඥාතීහු, පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන, ආචාර්ය චරිත හේරත් ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.