(ලලිත් චාමින්ද සහ ඩී.ජී.සුගතපාල)
බන්ධනාගාර හිටපු අධිකාරිවරයකුට නාඳුනන තුවක්කුකරුවකු අද සවස එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ සිරිල් ධම්මික නමැති හිටපු අධිකාරිවරයෙකි. ඔහු බූස්ස බන්ධනාගාරයේ සේවය කරමින් සිටියදී විශ්‍රාම ගියේය.
හිටපු අධිකාරිවරයා සිය නිවෙස ඉදිරිපිට මිදුල පිරිසිදු කරමින් සිටියදි යතුරු පැදියකින් ආ පුද්ගලයකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇත.
වෙඩි ප්‍රහාරයෙන් හිටපු අධිකාරිවරයාගේ හිසට සහ මුහුණ ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇතැයි ද වාර්තා වේ.