(සමන් පාලිත නානායක්කාර )
හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය කියයි.
පිටරත්මලේ තේ වත්තේ ගසක බැඳ තිබූ බඹර කූඩු වක් ඇවිස්සීමෙන් මෙම ප්රහාරය එල්ල වී තිබේ.
බඹරු විශාල ප්රමාණයක් දෂ්ට කිරීම හේතුවෙන් එක් කාන්තාවක් හපුතලේ රෝහලින් දියතලාව මූලික රෝහලට මාරු කළ බවද රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.