එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ රුසියාවට දොස් නැගුවේය.
ඇමෙරිකන් ජනාධිපතිවරයා කියා සිටියේ, යුක්රේනයේ ස්වෛරීත්වයට රුසියාව තර්ජනයක් බවය.
යුක්රේනයට රටක් වශයෙන් පැවැතීමට රුසියාව ඉඩ ලබා දෙන්නේ නැතැයි ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ලෝක නායකයන් හමුවේ පෙන්වා දුන්නේය.
රුසියාව අසල්වැසි යුක්රේන ආක්‍රමණය කිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංගනය කිරීමක් බව ද බයිඩන් වැඩි දුරටත් පැවැසුවේය.
(රොයිටර්)