බල මැන නිවුන් අසිරිය පිබිදෙන නිබඳ


දෙදෙනකු වුවද එකලෙස එක්වී             දෙහද

එකතැන එකම දින එක මවුකුස              ඉපිද

ලොව බබළවන මතුකර හසරැලි             සුහද

බල මැන නිවුන් අසිරිය පිබිදෙන             නිබඳ

(ආරියසේන හඳුවල)

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව ප්‍රථම නිවුන් නත්තල් කැරොල් ගී ප්‍රසංගය   කිරිමැටියාගාර දේවස්ථානයේදී පෙර දින සවස පැවැත්විණි.

මීට සමගාමීව ලොව ප්‍රථම නිවුන් සංගීත කණ්ඩායමද එළිදැක්වීය .

ශ්‍රී ලංකා නිවුන් සංවිධානය විසින් සංවිධානය කළ මෙම කැරොල් ගී ප්‍රසංගයට ශ්‍රී ලංකාවම නියෝජනය කරමින්  පරිදි නිවුන් දරුවෝ ජෝඩු 125 ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වූහ .

මීට සියලු ආගම් නියෝජනය කරමින් ගිහි පැවැදි නිවුන් භික්ෂුන්,නිවුන් පුජකවරුන්,නිවුන් පුජකවරියන් සහ නිවුන් මවුලවිතුමන් ලා සියලු ආගම් නියෝජනය කරමින් නිවුන් සොහොයුරු සොහොයුරින් එක් වූහ.

නිවුන්,තුන් නිවුන් ,සිව් නිවුන් ,පස් නිවුන් දරුවෝද මීට එක් වූහ. 

ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ උපුලි ගමගේ සහ චමරි ගමගේ යන නිවුන් සොහොයුරියෝ මෙය සංවිධානය කළහ.