බල මැන වඩින‘යුරු මහ සඟ ලොව පතල


පුද බිම් වඳින මෙන ලක බුදු ගුණ          වපුල

බල මැන වඩින‘යුරු මහ සඟ ලොව      පතල 

(පද ආරියසේන හඳුවල)

(ටී.කේ.ජී.කපිල)

භූතාන,ටිබෙට්,නේපාල් සහ ඉන්දියාවේ‍ෙ භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් 79 දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් මෙට වන්දනා චාරිකාවක් සදහා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

භූතානයේ භික්ෂූන් වහන්සේලා 25 දෙනෙක් , ටිබෙටයේ භික්ෂූන් වහන්සේලා 25 දෙනෙක්, නේපාලයේ භික්ෂූන් වහන්සේලා 09 දෙනෙක් සහ ඉන්දියාවේ භික්ෂූන් වහන්සේලා 10 දෙනෙක් සහ ඉන්දියාවේ ගිහියෝ 10 දෙනෙක් මෙම සංචාරය සදහා එක්ව සිටිති.

මෙම පිරිස ශ්‍රී පාදස්ථානය,අනුරාධපුරය,දඹුල්ල,කැළණිය සහ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වන්දනා කිරීමට දින 06 කාළයක් මෙහි ගත කිරීමට නියමිතය.

මෙම සංචාරය ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය,ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ සෙරෙන් ලංකා ආයතනය විසින් සංවිධානය කර තිබුණි.