(එච්. චන්දන )
කොළඹ - පුත්තලම මාර්ගයේ බත්තුළුඔය ප්‍රදේශයේදී අද( 17) පෙරවරුවේ සිදුවු බස් රථ අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
දිනපතා නිකවැරටියේ සිට ආඩිගම සහ කීරියන්කල්ලිය හරහා කොළඹ දක්වා ධාවනය වන ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ඇතුළු 12 දෙනකු මේ අනතුරින් තුවාල ලබා ඇති බව පොලීසිය සදහන් කරයි.