බස් එක අරන් බාධා කළා : සර්වජන අපේක්ෂකයෙක් මැකෝට දුක කියයි


(සුජිත් හේවාජුලිගේ)

තමා ඡන්ද කටයුතු සඳහා පාවිච්චි කරන බස් රථය මහරගම පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් තමාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති හෙයින් වහාම මැදිහත් වී සාධාරණයක් ඉටු කරන්නැයි සර්වජන  බලය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වන ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතා මැතිවරණ කොමිෂන් සභාවට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි  කර ඇත.

පොලිසිය වාහනය අත්අඩංගුවට ගත්තේ තමාගේ පෞද්ගලික රථ අංගනය තුළට ගාල් කිරීමට මොහොතකට පෙර බවත්  වාහනය මෙසේ අත්අඩංගුවට ගැනීමෙන් තමාගේ ප්‍රවාහන කටයුතුවලට දැඩි බාධාවක් එල්ල වූ බවත් ඔහු එම ලිපියෙන් පෙන්වා දෙයි.

බස් රථය සහ සැකකරුවන් අධිකරණයට අද(04)  ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි ද පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය.