බස් නැති නිසා ට්‍රැක්ටරයෙන් පාසලට


ඉන්ධන නැති නිසා නැහැ බස්            දුවන්නේ

නූගත් අයට නැහැ මේ දුක           පෙනෙන්නේ

සැප පහසුවක් නෑ අප මඟ             සොයන්නේ

හිටවපු නිසයි ට්‍රැක්ටරයට                 නගින්නේ - පද බණ්ඩාර තල්පත්වැව

(බණ්ඩාර තල්පත්වැව)

මහව බලල්ල නවොද්‍යා පාසලට සහ මහව විජය බා ජාතික පාසලට යන දරුවන්  ප්‍රවාහන පහසුකම් නොමැතිව මහ මග සිටියදි පාරේ යන ට්‍රැක්ටරයක් පිහිට වන අයුරු අප වාර්තාකරුවේ කැමරාවේ සටහන් වූ යේ මේ අයුරිණි.

ප්‍රවාහන පහසුකම් නොමැති නිසා බොහෝ දරුවන් පාසලට යන විට පාසල් ආරම්භවන කාලයද පසුවී ඇත.