(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වූ බස් රථයක් හා ෆයිම් මුවර් රථයක් තුල්හිරිය ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තවත් දොළොස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව වරකාපොල පොලිසිය කියයි.
තුවාල ලැබූවන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙම අනතුර අද පෙරවරු 10:30 ට පමණ වී ඇති අතර බස් රථය සිමෙන්ති පටවාගත් ප්‍රයිම් මූවර් රථයේ ගැටීමත් සමගම බස් රථය පෙරළී ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූවන් වරකාපොල රෝහල වෙත ඇතුළත් කර ඇත.
බස්රථ රියදුරු ගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.