බස්නාහිර වසාදමා තිබූ ආර්ථික මධ්‍යස්ථාන තුනක් විවෘත කරයි


 

 

(ශාන්ත රත්නායක)

බස්නාහිර පළාතේ  ඇඳිරිනීතිය හේතුවෙන් වසා දමා තිබූ නාරාහේන්පිට,රත්මලාන, බෝකුන්දර ,ආර්ථික මධ්‍යස්ථාන අද (04 ) විවෘත කෙරිණි. 

කොළඹ නගරයේ හිඟයකින් තොරව එළවලු  ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ‍ බෙදාහැරීමේ අරමුණින් මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ඇඳිරිනීති බලපත්‍ර ලබාගෙන ඇති තොග වෙළඳුන්ට මෙම තොගකඩ වෙත පැමිණ එළවලු ඇතුළු භාණ්ඩ  මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ

ඒ අතර මී ගොඩ හා වැලිසර ආර්ථික මධ්‍යස්ථාන  අද දිනයේ ජනතාවට විවෘත නොවේ