(ජේ.කේ.එල්. චාමින්ද)
බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අයත් වාහන සහ යතුරුපැදි 87ක් සහ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 13ක භෞතික පැවැත්ම තහවුරුකරගැනිමට නොහැකි වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
එම විගණන වාර්තාවට අනුව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමෙන්තුව නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන සහ යතුරුපැදි 87ක පැවැත්ම තහවුරුකරගනිමට නොහැකිවි ඇත.
එමෙන්ම බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන 13ක පැවැත්ම තහවුරුකරගැනිමට නොහැකි වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මෙකි වාහනවල භෞතික පැවැත්ම තහවුරුකරගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.