බස්නාහිරින් දකුණට යන්න ඇවිත් ආපසු යයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ගමන් කිරීම සඳහා පැමිණි විශාල වාහන විශාල ප්‍රමාණයක් වැලිපැන්න පිවිසුම් දොරදොරටුවෙන් ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු ⁣කළේය. අත්‍යාවශ්‍ය සේවා සහ සාධාරණ හේතුවක් මත ගමන් ගන්නා වාහන සඳහා පමණක් බස්නාහිර පළාතෙන් දකුණු පළාතට ඇතුළු වීම සඳහා අවසර ලබා දීමට පොලීසිය විසින් කටයුතු කරන ලැබූවා.

මේ හේතුවෙන් කොළඹ දෙස සිට දකුණු පළාතට ගමන් කරන වාහන රියදුරන්ට පැය ගණනාවක් අධිවේගී මාර්ගයේ රැඳී සිටීමට සිදු විය.

වැලිපැන්න දොරටුවේ සිට කිලෝමීටර ගණනක් දුරට රථ වාහන පොලිමක් දක්නට ලැබිණි සාධාරණ හේතුවක් නොමැතිව දකුණු පළාත වෙත ගමන් කිරීමට පැමිණි සියලු වාහන ආපසු හරවා යැවීමට පොලිස් නිලධාරීන් විසින් වැඩිදුරටත් කටයුතු කරනු ලැබුවා