බ්‍රිතාන්‍ය අගමැති සඳුදා සිට වැඩ අරඹයි


කොවිඩ්  - 19 වයිරසය වැළදී අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලැබූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සුවය ලබා ලබන සඳුදා සිට නැවත සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිත බව ගාඩියන් පුවත් සේවය වාර්තා කරයි.

එමෙන්ම සුව ලැබූ අගමැති ජොන්සන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දුරකතන සංවාදයක ද  නිරතව ඇත.

ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය අගමැතිවරයා සුවය ලැබීම ඉතාමත් විශිෂ්ට තත්ත්වයක් බවයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී ද බ්‍රිතාන්‍ය යෙන් කොවිඩ් - 19 මරණ 638 ක් වාර්තා වී තිබුණි.

ගාඩියන් ඇසුරෙනි

125