බ්‍රිතාන්‍ය නව ආරක්‍ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි


 

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් නව පත්විම ලබා පැමිණි කර්නල් ඩේවිඩ් අෂ්මාන්මහතා අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය. 

 
 
මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කර රාජකාරි වලින් නික්ම යන ආරක්‍ෂක උපදේශක ගෲප් කපිතාන් ෆ්රේසර් නිකල්සන් මහතා ද සහභාගි විය.
 
 
එහිදී, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, නික්ම යන ආරක්‍ෂක උපදේශකවරයා  ශ්‍රී ලංකාවේ රැඳි සිටි කාලය තුළ තමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් නාවික හමුදාපති වෙත කෘතඥතාවය පළ කළේය.
 
 එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

(36698)