(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
9 හැවිරිදි කුඩා දරුවකුට බලහත්කාරයෙන් කසිප්පු පෙවූ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
කසිප්පු පානය කිරීමෙන් රෝගී වූ දරුවකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය හරහා ලද පණිවිඩයක් අනුව කහතුඩුව සිංහගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සහ රෝගී වූ දරුවා එකිනෙක ආසන්නයේ නිවාසවල පදිංචිව සිටින බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
රෙදි පින්තාරු ශිල්පියකු වන සැකකරු තවත් බාල වයස් දරුවකුට හෝ දෙදෙනකුට මත්පැන් පෙවූ බවට තොරතුරු ලැබුණත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී කිසිදු සාර්ථක තොරතුරක් නොලැබුණු බව පොලිසිය සඳහන් කරයි.