බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ


(ලක්ෂ්මි කුඩලිගම)

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක  බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන  රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි

මෙලෙස තුවාල ලබා ඇත්තේ බුලත්සිංහල අතුර කෝවිල පාර පදිංචි  67 හැවිරිදි පුද්ගලයෙකි

බරපතල තුවාල ලද පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග එක්ව පැරැණි නිවස බිත්ති කඩා ඉවත් කිරීමට යාමේදී එකවරම බිත්තියක් ඔහුගේ සිරුර මතට  වැටි එයට යට වී ඇතැයි පොලිසිය සඳහා කරයි

වහා ක්‍රියාත්මක වූ අනෙක් පුද්ගලයා සහ ප්‍රදේශවාසී ඔහුව බුලත්සිංහල රෝහලට රැගෙන යාමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබා දී හොරණ මූලික රෝහල වෙත යොමු කළ බව එම රෝහලේ ප්‍රකාශකයකු පැවසීය