බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER නිල වශයෙන් පිළි ගනී


(ළහිරු හර්ෂණ)

ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන්   බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය පිළිගැනිම අද (10) කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරේදි සිදු කෙරිණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්ත, ශ්‍රී ලංකාවේ ඇමරිකා  තානාපතිණි ජුලී චන්ග්, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාවේ පැසිෆික් බල ඇණියේ ආඥාපති අද්මිරාල් ස්ටීවන් කෝලර් මහත්වරු එම අවස්ථාව එක් වූහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 03 සමුද්‍රිය බලඝණයට අනුයුක්තව රාජකාරි ඇරඹීමට නියමිත මෙම නව බීච් ක්‍රාෆ්ට් කින්ග් ගුවන් යානය ගුවන් හමුදා සම්ප්‍රදානුකූලව ජල අචාරය සිදුකරමින් පිළිගත්තේය.

ඇමරිකාව රජයේ ප්‍රදානයක් වූ මෙම බීච් ක්‍රාෆ්ට් නිරික්ෂණ ගුවන් යානය නිල වශයෙන් භාර දීම සහ භාර ගැනීම  ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ පැසිෆික් බල ඇණියේ ආඥාපති අද්මිරාල් ස්ටීවන් කෝලර් මහතා සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් අත්සන් තබන ලදී.