කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන් රථයේ රියදුරු බීමත්ව සිටියේයැයි සිය බාරයට ගත් බව රුවන්වැල්ල පොලීසිය කියයි.
රියදුරු බීමත්ව රිය පැදවීමට නොහැකි බව තේරුම් ගත් ජ්‍යෙෂ්ඨ ජන්ද මධ්යස්ථානයවරු දෙදෙනකු ව්සින් කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස් වෙත දැනුවම් දීමෙන් පසු මෙම රියදුරු සහ වාහනය පොලිස් භාරයට ගෙන තිබේ.
පසුව එම මධ්‍යස්ථානයේ ඡන්ද පත්‍රිකා සහ පෙට්ට් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි වෙනත් වාහනයකින් අදාළ ඡන්ද මධ්‍යස්ථානය වෙත ගෙන ගිය බවත් කියයි.
සිද්ධියට සම්බන්ධ බීමත් රියදුරු වෛද්‍ය පරීක්ෂණකට යොමුකළ බවත් මොහු අවු: 50 පමණ වන් වල්පොල දෙල් ඔලුව දැරණියගල පදිංචි අයෙක් බවත් පොලීසිය කියයි.