(අංජුල මහික වීරරත්න)
භූගෝලීය දර්ශක ලියාපදිංචිය සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ ප්‍රකාශයට පත් කරනු ලැබූ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
භූගෝලීය දර්ශක ලියාපදිංචි කිරීමට අදාළ විධි විධාන ඇතුළත් කරමින් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම සඳහා 2022-01-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, භූගෝලීය දර්ශක ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය විධි විධාන අන්තර්ගත කරමින් 2022 අංක 8 දරන බුද්ධිමය දේපළ (සංශෝධන) පනත නීති ගත කර තිබේ.
ඒ අනුව, භූගෝලීය දර්ශක ලියාපදිංචි කිරීම සඳහා වන නියෝග 2024-10-22 දිනැති අංක 2407/04 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.