(ජේ.ඉඳුරුවගේ)
කොළඹ ගාල්ල මහා මාර්ගයේ බෙන්තොට දුම්රිය හරස් පාර අසල දුම්රිය මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු අද (16)දහවල් ධාවනය වූ බෙලිඅත්ත - කොළඹ සීඝ්‍රගාමී දුම්රියේ හැපීමෙන් මියගිය බව බෙන්තොට පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බටපොල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ සුනිල් කරුනාරත්න නැමති 68 හැවිරිදි අයෙක් බව පොලීසිය පැවසීය .
දුම්රියේ ගැටී වීසිවී ඇති මෙම පුද්ගලයා බෙන්තොට රෝහලට ඇතුළත් කරද්දී මියගොස් සිටි බව පොලීසිය කියයි.
මෘත ශරීරය බෙන්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර මේ පිළිබඳ මරණ පරීක්ෂණය අද සවස පැවැත්වීමට නියමිතය.