බෙල්ලන්විල රජමහ විහරස්ථානයේ කප් සිටුවීමේ මංගල්‍යය අද


(එච්.එච් ධර්මපාල)

ඓතිහාසික බෙල්ලන්විල රජමහ විහරස්ථානයේ 69 වන ඇසළ  පුණ්‍යෝත්සවයට සමගාමීව ඉපැරණි චාරිත්‍රානූකූලව සෑම වසරකම සිදුකරනු ලබන කප් සිටුවීමේ මංගල්‍යය අද (14) සවස සුබ මොහොතින් විහාරස්ථාන පරිශ්‍රයේදී සිදුකරනු ලැබීය.

සතර මහා දේවාල භාර ප්‍රධාන කපු මහතාවන ජී.සවරසේන පෙරේරා කපු මහතා ඇතුළු සතර මහ දේවාල වල කපු මහත්වරුන්ගේද සහභාගීත්වයෙන් කප් සිටුවීමේ මංගල්‍යය සිදු කරනු ලැබීය.

ඒ සඳහා කප්රුක රැගත් පෙරහර විහාර මාවත සිට පැමිණි දේවාල පරිශ්‍රයට පැමිණ වතාවත් සිදුකරනු ලැබිණි.