බෙහෙත් ගන්න ගිය මාතර ප්‍රා.ලේ රෝහල් කාමරයේ සිරකරලා


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

අසනීප තත්වයක් හේතුවෙන් මාතර මහ රෝහල වෙත ඇතුලත් වු මාතර ප්‍රාදේශීය මහ ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මිය එම රෝහලේ සේවක සේවිකාවන් ශල්‍යාගාරය තුළ සිර කර තබා ගෙන සිටියදී පොලිසිය මැදිහත්ව ඇය ප්‍රතිකාර සඳහා මාතර සමූපාකාර රෝහල ඇතුළත් කරනු ලැබ සිටියි.

තමන්ට ඊයේ දින ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබා නොදුන්නැයි කියමින් රෝහල් සේවකයන් එම විරෝධතාවය දක්වන ලදි.

කෙසේ වෙතත් පැයක පමණ කාලයක් රෝහලේ ශල්‍යාගාරයක් තුල සිර වී සිටි ප්‍රාදේශීය මහ ලේකම්වරිය මාතර සහකාර පොලිස් අධිකාරී අයි.ජී.චන්ද්‍රසේන හා මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මුදා ගෙන රෝහලෙන් පිටතට කැදවා ගෙන එනු ලැබීය.

පසුව ඇය මාතර සමුපකාර රෝහල වෙත ඇතුලත් කෙරිණි.