බොරතෙල් මිල පහළ බසී


වසර 20කට පසු ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල  40% කින් ඇමෙරිකානු ඩොලර් 11 (ආසන්න වශයෙන් රුපියල් 2,117ක්) දක්වා අද (20) පහත වැටිණි.

අවසන් වරට තෙල් බැරලයක මිල එතරම් පහත වැටුණේ 1998 වසරේදීය.

තෙල් අපනයනය කිරීමේ ප්‍රධාන රටවල් තෙල් අපනයනය සීමා කිරීමත් කොරෝනා වසංගතයේ බලපෑමත් නිසා මේ අයුරින් තෙල් මිල ගණන් පහත වැටී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ මිල ගණන්වලට අනුව අද (20) දහවල් වනවිට තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 11.31ක් ලෙස දැක්විණි.

ඒ.එෆ්.පී.

055