බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට අවසන් ගෞරව


 

රිය අනතුරකින් මරණයට පත් බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා පාංශකූල කටයුතු මහා සංඝරත්නය විසින් අද (11) පස්වරුවේ  සිදු කෙරිණි.

අවසන් කටයුතු  සඳහා සරත්චන්ද්‍ර මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු පොලිසියේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

බම්බලපිටිය ප‍්‍රදේශයේ දී පසුගිය 24 වැනිදා සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි සරත්චන්ද්‍ර මහතා  සෙනසුරාදා (9) අභාවප‍්‍රාප්ත විය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)