(සුජිත් හේවාජුලිගේ )
බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් එය යථාවත් කිරීම සඳහා අද දින සිට දින 20 ක කාලයක් කොළඹට ඇතුළුවන මංතීරු දෙකම වසා දමා සංවර්ධන කටයුතු සිදුකිරීමට සැළසුම් කර ඇත.
ඒ අනුව එම මාර්ගයේ රථවාහන ගමනාගමනය අද දින සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා උදෑසන 0530 සිට උදෑසන 1100 දක්වාත්, නැවත රාත්‍රී 1100 සිට පසුදින අළුයම් 0530 දක්වාත් සැළසුම් දෙකක් යටතේ රථවාහන ධාවනය කරවීමට කටයුතු යොදා ඇත.
සැළසුම් අංක 01 - අළුයම 0530 සිට උදෑසන 1100 දක්වා
•මොඩල්ෆාම් හංදිය දෙස සිට ඩී.එස්. හංදිය දෙසට ධාවනය වන රථවාහන මොඩල්ෆාම් හංදියෙන් කොළඹින් පිටවන මං තීරු ඔස්සේ ගමන් කර කැණිම් සිදුවන ස්ථානය පසුකර නැවත කොළඹට ඇතුල්වන මංතීරුවට ඇතුල් කර නියමිත පරිදි ධාවනය කළ හැක.
•ඩි.එස්. හංදිය දෙස සිට මොඩල්ෆාම් හංදිය දෙසට ධාවනය වන රථවාහන ටිකල් පාර හංදිය දක්වා පැමිණ ටිකල් පාර හංදියෙන් කොටා පාර දෙසට හරවා කොටා පාර ඔස්සේ ධාවනය කළ හැක. (මෙම කාලය තුල කොටා පාරෙන් පැමිණ ටිකල් පාරට ඇතුල් කල හැක්කේ ටිකල් පාරේ පදිංචිකරුවන්ට හා ආයතනවලට ගමන් කරන අයට පමණි)
•කොටා පාරෙන් පැමිණෙන රථවාහන වලට ටිකල් පාරට ඇතුල් කිරීමට ඉඩ ලබා නොදෙන අතර විකල්ප මාර්ග භාවිතා කළ යුතු වේ.
සැළසුම් අංක 02 - රාත්‍රී 1100 සිට පසු දින අළුයම 0530 දක්වා
•මොඩල්ෆාම් හංදිය දෙස සිට ඩී.එස්. හංදිය දෙසට ධාවනය වන රථවාහන පරණ බෞද්ධාලෝක මාවත ඔස්සේ කනත්ත වටරවුම හරහා ධාවනය ා හැක.
•ඩි.එස්. හංදිය දෙස සිට මොඩල්ෆාම් හංදිය දෙසට ධාවනය වන රථවාහන සාමාන්‍ය පරිදි ධාවනය කළ හැක.