බෞද්ධ හා පාලි සරසවි සිසුහු පොලිසිය සමග ගැටෙති


(කේ බුද්ධික කුමාරසිරි)

⁣හෝමාලම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මගින් හෝමාගම පිටිපන නගරයේ සංවිධානය කළ විරෝධතාවයකට පොලිසිය ඊට විරෝධය පල කිරීම නිසාවෙන් ඇති වූ ගැටුමකින් පසු එම විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු ත්‍රී රෝද රථයක් සහ ශබ්ද විකාශන යන්ත්‍රයක්  අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.

සාපරාධී බිය ගැන්වීම පොලිසියේ රාජකාරියට බාධා කිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ මෙම සිසුන් අත් අඩංගුවට ගෙන ඇත.

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අසලින් විරෝධතා පාඨ කියමින් විරෝධතා පුවරු බැනර් ප්‍රදර්ශනය කරමින් පා ගමනින් විශ්ව විද්‍යාල පරිපාලන ගොඩනැල්ල දක්වා පැමිණි විරෝධතාකරුවන් හෝමාගම මොරගහහේන මාර්ගය අසලදී මෙම ⁣විරෝධතාවය පල කර පසුව පිටිපන නගරය දක්වා ගමන් කිරීමට සැරසීමේදී පොලිසිය එයට විරෝධය පල කිරීම නිසාවෙන් හෝමාගම මොරගහහේන මාර්ගය හරස් කර විරෝධතාවය පල කළ අතර පසුව එම ස්ථානයෙන් වෙනත් අතුරු මාර්ගයක් හරහා හයිලෙවල් මාර්ගය දක්වා පැමිණියහ.

එම අවස්ථාවේදී පොලිසිය හා ශිෂ්‍ය භික්ෂූන් අකර උණුසුම් වදන හුවමාරුවක් සිදු වූ අතර පසුව තනි තනිව පිටිපන නගරය දක්වා පැමිණ විරෝධය පල කිරීමට යාමේදී කිහිපවරක් පොලිසිය සමග උණුසුම් වචන හුවමාරු සිදු වූ අතර පසුව සිසුන් විසින් පොලිසියට පහරදීමේ සිද්ධියක් මත සිසුන් අත් අඩංගු වට ගැනීමටත් පිරිස විසිුරුවාහැරීමටක් පොලිසිය කටයුතු කළේය.