භික්ෂු විශ්වවිද්‍යාලයේ එක්කෝටි තිස් හත් ලක්ෂයක් පිනට දීලා


 

(සුජිත් හේවාජුලිගේ)

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ නිල නිවාසලාභීන්ගේ ජලය සහ විදුලි වියදමවූ  රුපියල් එක්කෝටි තිස් හත් ලක්ෂයක්  එම විශ්ව විද්‍යාල අරමුදලෙන් වැය කර ඇතැයි ජාතික විගණන  කාර්යාලය  නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මෙම මුදල මෙසේ වැය කර ඇතැයි පැවසෙන්නේ 2023 වර්ෂයේදීය

මේ අතර සම්පත් කළමනාකරණය පිළිබඳ තොරතුරු තාක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට වැය කර තිබූ රුපියල් ලක්ෂ 40ක මුදල නිෂ්කාර්‍ය වියදමක් වී තිබූ බවද   එම වාර්තාවේ දැක්වේ.

විදේශීය පැවිදි සිසුන් සඳහා  රුපියල් කෝටි අටකට වැඩි වියදමින් නිවාසිකාගාරයක්  ඉදිකර තිබුණද එම ශිෂ්‍ය ස්වාමීන්  වහන්සේලා බඳවා ගැනීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොතිබූ බව වාර්තාව සඳහන් කරයි.

මෙම නේවාසිකාගාර ගොඩනැගිල්ල සහ එහි සවිකර තිබූ ලක්ෂ 34 කට වැඩි විදුලි සහ සවිකිරීම් වසර හතරකට වැඩි කාලයක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පැවැති බවද   එහි දැක්වේ.

මේ තොරතුරැ සදහන් වන්නේ  අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ 2023වාර්ෂික වාර්තාවට අැතුළත් කරනු ලැබ අැති   විගණන  වාර්තාවේය