මංගල සමරවීරගේ දේශපාලන දිවියට 30වසරක් සපිරේ


මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වන ලද උත්සවයක් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 

‘සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලූ’ නමින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
 
තමාට පැවරෙන සෑම වගකීමක්ම දැඩි කැපවීමෙන් ඉටුකරන මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිදියාව ගරු කරන දේශපාලනඥයෙක් බව ජනාධිපතිතුමා පැවසීය.
 
ඔහුගේ 30 වසරක දේශපාලන දිවිය ඇගැයීමට ලක් කළ ජනාධිපතිතුමා ඉදිරි කටයුතු වෙනුවෙන් ද සිය ආශිර්වාදය පළ කළේය. 
 
මෙම උත්සවයේ ප්‍රධාන දේශනය එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනි සැමැන්තා පවර් මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ආර්. සම්බන්ධන් යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය නිලධාරීහු, විදෙස් තානාපතිවරු ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

(28535)
 
( ඡායාරූප : රොමේෂ් ධනුෂ්ක සිල්වා)