මත්තල වන අලි දක්ෂිණ අධිවේගයට ඇවිත්


(දිලීප් ජයසේකර)

ඉදිකිරීම් අවසන් වෙමින් පවතින මත්තල - මාතර දක්ෂීණ අධිවේගී මාර්ග දිගුවේ මත්තල පිවිසුම් දොරටුව ආසන්නයෙන් දිනපතා වන අලි රංචු පිටින් අධිවේගී මාර්ගයට පැමිණීම දක්නට ලැබේ.

අද (7) අලුයම වන අලි 20ක පමණ රංචුවක් මත්තල අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුම අසලින් මාර්ගයට පැමිණ තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු කම්කරුවන් පවසන්නේ  දිනපතා වන අලි රංචු පිටින් අධිවේගී මාර්ගයට පැමිණෙන බවත් මේ හේතුවෙන් රාත්‍රී කාලයේ අධිවේගී මාර්ගයේ විවිධ ඉදිකිරීම්වල නියැළෙන කම්කරුවන්ගේ ජීවිත ද දැඩි අනතුරුදායක තත්වයට පත්වී තිබෙන බවයි.