මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ


(ටී.කේ.ජී.කපිල )

රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් , ඉකුත් සති දෙකක කාළය තුළ , කොළඹ මධ්‍යම හුවමාරුව තුළ , භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී , ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශ නිලධාරීන් සොයාගෙන තිබේ.

මෙම පාර්සල් ප්‍රංශය , ඇමෙරිකාව ,කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට මහනුවර , මීගමුව , ජා ඇළ , වැල්ලවත්ත , නුගේගොඩ , තංගල්ල , මහියංගනය සහ යාපනය යන ප්‍රදේශ වල පිහිටි ලිපිනයන්ට භාර දීම සදහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබුණි .

මෙවැනි පාර්සල් 20 ක් ඉකුත් සති දෙකක කාළය තුළ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ අතර ඒවා භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම නිසා , පසුගිය 19 දින ඒවා  විවෘත කර පරීක්ෂා කිරිමට තැපැල්පතිවරයාගේ අනුමැතිය  ලබා ගෙන ඇත. 

එහිදී  ඒවායින් පාර්සල් 14 ක '' කුෂ්" මත්ද්‍රව්‍ය ග්‍රෑම් 272 ක් සහ '' මෙතැම්පටමයින් '' මත්ද්‍රව්‍ය පෙති 2,049 ක් සොයා ගැනීමට රේගු තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් සමත් වී තිබුණි .