(ඩී.ජී.සුගතපාල)
මත්පැන් සාදයක් පවත්වමින් සිටි තරුණයින් පිරිසක් අතර ඇතිවු බහින් බස් විමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදි එක් අයෙකු අද සවස ඝාතනය කර ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ රත්ගම සිරිකඳුරවත්ත සුනාමි නිවාසවල පදිංචිව සිටි තිරිමාදුර රුවන් නිශාන්තද සොයිසා හෙවත් පිට්ටවා නමැති 25 හැවිරිදි තරුණයෙකි.
රත්ගම රලජයපුර උදා ගම්මානයේ පිහිටි පොල් ඉඩමකදි තරුණයින් පිරිසක් ඝාතනයට ලක්වු අයද සමග මත්පැන් පානය කරමින් සිටියදි ඇතිවු ආරවුලක් දුරදිය යාමෙන් මෙසේ තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර ඇති බවත් ඔහු මිනිමැරුමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙකු බවත් පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා රත්ගම පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.