මධ්‍යම පළාත් ආණ්ඩුකාර වැඩ අරඹයි


චමිල් රූපසිංහ

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (11) එම ධූරයේ වැඩ බාර ගත්තේය.

මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ ආශීර්වාදය මධ්‍යයේ ඒ මහතා වැඩ ආරම්භ කළේය.

එම අවස්ථාවට මෛත්‍රී ගුණරත්න මහතාගේ පියාණන් සහ බිරිඳ ඇතුළු පවුලේ ඥාතීහු ඇතුළු දේශපාලනඥයන් රැසක් සහභාගී වුහ.