මධුර විතාන බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට එයි


 

( රේඛා තරංගනී ෆොන්සේකා සහ ළහිරු හර්ෂණ)

පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරයෙකු වන නීතිඥ මදුර විතානගේ මහතා සිය මංගල පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා ඔහුගේ නිවසේ සිට දියවන්නා ඔය තරණය කර පාර්ලිමේන්තුවට  අද (20)බෝට්ටුවෙන් ගමන් කළේය.
 
කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කළ ඒ මහතා මනාප 70, 205 ලබා පොදුජන පෙරමුණ පක්ෂය යටතේ ජයගත් අතර නවක මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ මංගල සැසියකට බෝට්ටුවෙන් පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ.
 
අනාගතයේ මාර්ග තදබදයට හා පරිසර දුෂණයට තිත තැබීමට පුර්වාදර්ශයක් ලෙස මෙම ක්‍රියාව සිදු කළ බව ඒ මහතා පිටත්ව යමින් පැවසීය.