මන්ත්‍රීන් 175කගේ දේපළ වාර්තාව අල්ලස් කොමිසමට


(සුජිත් හේවාජුලිගේ )

මන්ත්‍රීවරුන් 175 දෙනකුගේ වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද(26) බාර දෙනු ලැබීය.

ඒ එම කොමිසමෙන් කෙරුණු දැනුම් දීමක් අනුවය.

දස වෙනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතරින් එකසිය හැත්තෑ පස් දෙනකු කතානායකවරයාට වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුතුව ඇත.