මන්දෙන් මුදා ගත් කඳුකර දිවියා සමනල රක්ෂිතයට මුදා හරී


 

(රංජිත් රාජපක්ෂ)                       
 
ගිනිගත්හේන කෙනිල් වත්තේ ලඳු කැලෑවක අටවා තිබූ මන්දකට හසු වී සිටියදී මුදාගත්, පැන්තරා පාදුස් වර්ගයේ කඳුකර දිවියා නල්ලතන්නිය වනජීවි කාර්යාලය වෙත රැගෙන ගොස් වැඩිදුර ප්‍රතිකාර කර, අද(13) නල්ලතන්නිය  සමනල ස්වාභාවික රක්ෂිතයට අද(13) මුදා හැරි බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
 
වනජීවි අධ්‍යක්ෂක ජෙනරාල් චන්දන සුරිය බණ්ඩාර මහතාගේ උපදෙස් මත දිවියා සමනල ස්භාවික රක්ෂිතයට මුදා හරිනු ලැබුවේය.
 
සතුන් දඩයම් කිරීම සඳහා එම වතු යායේ වතු කම්කරුවෙකු අටවා තිබු මන්දකට අවුරුදු 6 ක් පමණ වයසැති හොඳින් වැඩුණු මෙම ගැහැනු දිවියා හසු වී සිටියදි රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා ඇතුළු පිරිස ඉන් මුදාගත්හ.
 
අත්අඩංගුවට ගත් සැකකරු වනජීවි කාර්යයාලයේ නිලධාරින් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
මන්දට හසුවීමෙන් පසු දිවියා බේරීයාමට උත්සහ කිරීම නිසා උදරයේ තැලීම් තිබු බවද, දිවියාව නල්ලතන්නිය වනජීවි කාර්යාලය වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දුන් බවද, දිවියා නිරෝගි තත්ත්වයෙන් සිටි නිසා නල්ලතන්නිය ශ්‍රී පාද රක්ෂිතයට මුදා හැරි බවද රණ්දෙණිගල පහු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍යය අකලංක පිණිදෙණිය මහතා පැවසීය.