මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු


 

(බන්දු තඹවිට)

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලයෙකු  අද  (02) සවස අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවසයි.

වැලිපැන්න පොලිස් වසමේ වලගෙදර පන්සල හන්දිය ආසන්නයේ අතුරු පාරක පදිංචි 32 හැවිරිදි විදුලිබල මණ්ඩලයේ මණු කියවන්නෙකු මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත.

වැලිපැන්න පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරියාට ලැබුණු තොරතුරක් අනුව වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකළහ.

පොලිස් කණ්ඩායම වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරු නිවසේ නිදන කාමරයේ අයිස් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් ඊට ඇත.

එහිදී සැකකරු සන්තකයේ තිබු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 800 කට පමණ අසන්න ප්‍රමාණයක් සහ ග්‍රෑම් 1 බැගින් ඇසුරුම් කල ඇසුරුම් කීපයක් සමග ඩිජිටල් වර්ගයේ මත්ද්‍රවය කිරුම් උපකරණයක් ,ජංගම දුරකතනයක් ඇතුළු භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.