(යොහාන් භාසුර)
මරදාන දුම්රිය ස්ථානයේ ගුවන් පාලමෙන් ඇඳවැටී අනතුරකට ලක්වූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට අද (9) පෙරවරුවේ ඇතුළත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
මරදාන දුම්රිය ස්ථානයේ 7, 8, 9 සහ 10 වැනි වේදිකාවලට ඇතුල්වීමේ පාලම දෙපස සවිකර තිබු කම්බි දැල් මීට දින කීපයකට පෙර ගලවා ඉවත් කළ බවත් අදාල කාන්තාව කමිබි ඉවත් කළ ස්ථානයකින් ඇඳවැටී ඇති බවත් එම නිලධාරියා කීය.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් මෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව මරදාන දුම්රිය ස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක පසුගියදා නිරත වූ බව කී එම නිලධාරියා එහිදී දුම්රිය ප්‍රධානීන් දුන් උපදෙස් අනුව සේවකයන් ගුවන් පාලමේ ආරක්ෂාවට යොදාතිබූ ආරක්ෂිත කම්බිදැල් එම අවස්ථාවේදීම ගලවා ඉවත් කළ බව ද සඳහන් කළේය.
එම කම්බි ආරවණය එම ස්ථානයේ තිබුණේ නම් මෙම අනතුර වලක්වා ගැනීමට හැකියව තිබූ බවත් එම ගුවන් පාළම විශාල ලෙස මගී ජනතාව භාවිතා කරන අතර විශේෂයෙන්ම පාසල් සිසුන් ද නිරන්තරයෙන් එම පාළම භාවිතා කරන බව ද ඔහු සදඟන් කළේය.
අධික මගී ජනතාවක් එම ගුවන් පාළම භාවිතා කිරිම නිසා ඉදිරියේ තවත් මෙවැනි අනතුරු සිදුවීමේ හැකියාවක් පවතින අතර දුම්රිය බලධාරින් අනතුරු වැලැක්වීම සඳහා පියවර ගතයුතු බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම සිද්ධිය පිළිබඳව විමසීමට දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සහ නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ යන මහත්වරු දුකරථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද ඔවුහු දුරකථනවලට ප්‍රතිචාර නොදැන්වූහ.