මර්වින් බන්ධනාගාර රෝහලට


(ගයාන් සූරිය ආරච්චි)

ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන්  රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහර බන්ධනාගාරයේ නවක සිරකරුවන්හ රඳවා තිබෙන රෝහල් වාට්ටුවක රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පැවසුවේය.​

මර්වින් සිල්වා මහතා පමණක් එම බන්ධනාගාර රෝහලේ වාට්ටුවක රඳවා ඇති අතර ඔහුට කිසිදු අමතර පහසුකමක් නොසපයන බවත් ඔහුගේ ආරක්ෂාව සලකා මෙම පියවර ගෙන ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.