මල්ලීගේ පොලු පහරින් අයියා මරුට


(ජයරත්න වික්‍රමාරච්චි සහ හිරාන් ප්‍රියංකර)

ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන්  පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා  ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බාල සහෝදරයා සහ ඔහුගේ ඥාති සහෝදරයෙකු අද( 15 ) සැකපිට අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි.

 අලුයම  මෙම ඝාතනය සිදුවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව කියයි.

මියගොස් ඇත්තේ සාලියවැව පොලිස් වසමට අයත් පලුගස්සේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රාජපක්ෂගේ උදිත රාජපක්ෂ (35) නැමැති තිදරු පියෙකු බවත් පොලීසිය සඳහන් කළේය.

මිය ගිය අයගේ නිවස තුළදීම මෙම ඝාතනය සිදුවී ඇති බවත් පොලීසිය පැවසීය. සැකකරුවන් යාබද ප්‍රදේශයක සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.