මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් 48ක් මිල දී අරන්


(නිමල කොඩිතුවක්කු)

මහ කන්නයේදි වී මෙට්‍රික්ටොන් 48ක් මේ වනවිට මිලදී ගෙන ඇතැයි වී අළෙවි මණ්ඩලය පවසයි.

එහිදී මඩකලපුවෙන් මෙට්‍රික්ටොන්  15ක් සහ අම්පාරෙන් මෙට්‍රික්ටොන්  7ක් මිලදී ගෙන ඇති බවත් එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේය.

පොලොන්නරුව ඇතුලු දිස්ත්‍රික්ක වලින් වී තොග ලැබීමට නියමිතව ඇතත් පවතින වර්ෂාව සහිත කාලගුණ තත්වය ඊට බාධා වී ඇතැයිද සභාපතිවරයා කීවේය.

මෙවර මහ කන්නයේදි වී මෙට්‍රික්ටොන්  දෙලක්ෂ දස දහසක් මිලදී ගැනීමට වී අළෙවි මණ්ඩලය පහසුකම් සලසා ඇතැයිද ඔහු පැවසීය.

ඒ වෙනුවෙන් වී අළෙවි මණ්ඩලය සතු මධ්‍යස්ථාන 166ක් සූදානමින් පවතින බවත් සභාපතිවරයා සඳහන් කළේය.