(මහින්ද නිශ්ශංක)
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ස්වාධීන කණ්ඩායම් 36 ක් ඊයේ දිනයේ පමණක් ඇප මුදල් තැන්පත් කළ බව ද ඒ මහතා සඳහන් කළේය.
මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ආරම්භ වූ ඊයේ (4) දින ජනසෙත පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම් 3ක් නාමයෝජනා භාර දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය ලබන 11 දා මධ්‍යාන 12ට අවසන් කෙරෙන බවත් මැතිවරණ කොමිෂම කියයි.