( මහින්ද නිශ්ශංක)
එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (30) ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
තැපැල් ජන්දය ප්රකාශ කිරීම සඳහා තැපැල් ජන්දදායකයින් 738050 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි ද කොමිෂන් සභාව සදහන් කරයි.
හෙට දිනයට අමතරව නොවැම්බර් 1 හා 4 යන දිනවලදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසීය.
එම දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන රාජ්ය නිලධාරීන්ට නොවැම්බර් මස 7 හා 8 දෙදින තම සේවා ස්ථානය පිහිටි දිස්ත්රික්කයේ දිස්ත්රික් මැතිවරණ කාර්යාලයේදී ඒ සඳහා අවස්ථාව සලසා ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.