මහ වැස්සෙන් හක්මන යටවෙයි


(ඩී කංකානම්ගේ )

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමන කටයුතු අඩාළ වී ඇත.

 මීට අමතරව  මුලටියන කඹුරු පිටිය ප්‍රධාන මාර්ගයේ දිද්දිනිපොත 19 කණු ව අසල  මාර්ගය හා මාකඳුර නගරයද  ජලයෙන් යට වීම නිසා ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත. 

මේ නිසා දිද්දිනිපොත  රෝපුයිරය   බැරගම කන්දපාර  හරහා වාහන ධාවන කටයුතු සිදුකෙරේ