මහකනදරාව වැව සිඳී අනුරපුර - ත්‍රි’මලය පැරණි මාර්ගය මතුවෙයි


(මනුල වික්‍රම)

නිකිණි මාසයේදී රජරටට උරුම නියං තත්වය උදාවීමත් සමඟ මහකනදරා වැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතී.
 
මේ හේතුවෙන්, පැරණි අනුරාධපුර-ත්‍රිකුණාමලය මාර්ගයේ සළකුණු මතුවී තිබේ. එම මාර්ගයේ උතුරු පැත්ත දිස්වෙමින් පවතින අතර, දකුණු දිසාවේ සිඳී යන දියකඩිති දර්ශනය වේ.