(හිරාන් ප්රියංකර ජයසිංහ)
වන සතුන් දඩයම් කර විවිධ ප්රදේශ වලට මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්රදේශයේ මහා පරිමාණ ජාවාරම්කරුවකුගේ නිවසේ තිබූ මස් තොගයක් සිය බාරයට ගත් බව පොලීසිය කියයි.
පාලවිය ගුවන් හමුදා කදවුරේ බුද්ධී නිළධාරීන්ගේ තොරතුරක් මත වනජිවි නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් එක්ව අද(16) මෙම වැටලීම සිදු කර ඇත.
මහකුඹුක්කඩවල රජයේ රක්ෂීත හා අවට වනාන්තර වල සැරිසරණ මුවන්,ගොනුන්, වල් ඌරන් ඇතුළු වන සතුන් දඩයම් කර අධීක මිලකට විවිධ ප්රදේශ වලට රහසේ වාහන වලින් ප්රවාහනය කරමින් මෙම ජාවාරම කරගෙන ගොස් තිබු බව පොලීසිය කියයි.
අදාල වැටලීමේදි ජාවාරම මෙහෙය වු ප්රධාන ජාවාරම්කරු වැටලිම අතර තුරදි පලා ගොස් තිබු අතර නිවසේ වන සතුන්ගේ මස් ගබඩා කර තිබු අධි ශීතකරණ දෙකක් ද අත් අඩංගුවට ගැනිමට හැකිවු බව වනජීවි නිළධාරීන් පවසයි. තවද අලෙවි කිරීමට සුදානම් කර තිබු මුව මස් හා විවිධ වන සතුන්ගේ කොටස් සමඟ ලොරි රථයක් අත් අඩංගුවට ගැනිමද හැකිව තිබේ.